Wednesday, March 5, 2014

ස්වර්ණමය රීතිය





සොබා දහම විසින් හෝ
කලාකරුවෙකු විසින් කරන නිර්මාණයක
මනාව සංකලනය වූ රිද්ම රටාවකින් සිතේ ජනිතවන හැඟීම
සදාතනික මතක සටහනක් බවට විටෙක නිතැතින්ම පත් වෙයි.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmaU3TbOYg1TUEpZDtDT5b0GM7_o3eSrO1ENpbqEfI5hUw1umbkv-SZC23GFK44r7qyT0UnMW66aCdkDeKPHY-YblmH8TAyYvt-FdyfI1UbDCMqu5re2nSdR0Q4fVSpQ75Hd82ZRAlZDnm/s400/nautilus.jpg

නෙත සිත ප්‍රිය කරන සිත්කළු රටා මවන
ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය වක්‍රය
දෘෂ්‍ය රූප හරහා ඇති කරන බලපෑම
කුඩා දරුවාට මෙන්ම මහල්ලාටද
ගල් යුගයේ ගෝත්‍රිකයාට මෙන්ම නූතන විද්‍යාඥයාටද පොදුයි.

=======================================================
කෙටි පාදය එකක් නම්
දිග පාදය එකයි දශම හයක් පමණ වුණාම
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයක් හැදෙනවා.

ළා නිල් පාට බෝතලයක වතුර පිරිසිදුයි කියල
හිතට දැනෙනවා වගේ
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයත් ඇහැට ප්‍රියයි.
  -------------------------------------------------------------------

සොබා දහම විසින්
ශක්තිය රැස් කිරීමේදී හා මුදා හැරීමේදී
දඟරය, සර්පිලය, සුළිය, වක්‍රය භාවිතා කරයි.
http://farm4.static.flickr.com/3167/3025020871_23a4a2c010.jpg

ඔරලෝසුවක දුන්න
මේ සඳහා හොඳ උදාහරණයකි.
http://horologyzone.com/watch/watch-school/lesson3-image/clock_15.jpg

පියගැටපෙළක අත්වැලේ කෙළවර
http://www.thisiscarpentry.com/wp-content/uploads/2010/02/Newel-221x300.jpg

 එම හැඩයන් තුළ කිසියම් පිළිවෙළක්,
සමබරතාවයක් හා, ආරක්ෂිත ස්වභාවයක් දැනේයි..
ස්වර්ණමය වක්‍රය මෙම ස්වභාවයෙහි
සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.
http://www.encroach.net/images/sacred_geometry/sacred_geometry_nature/nautilus_spiral.jpg

ස්වර්ණමය ඍජු කෝණාශ්‍රය
සහ ස්වර්ණමය වක්‍රයට පදනම් වෙන
Fibonacci අංක, Fibonacci මාලාව, Fibonacci රටාව යනු
පහත දැක්වෙන රටාවයි.
0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......


පොදු අනුපාතය 1 : 1.618ක් වන ස්වර්ණමය අනුපාතය 
PHI නම්   Φ,  φ, ග්‍රීක් අක්ෂරයෙන් සංකේතවත් කරනවා.
ඩිස්නි සමාගමේ නිර්මාණශීලී කලාකරුවන්
ඔවුන්ගේ නව සලකුණට
Φ,  φ, සංකේත මිශ්‍ර කරගෙන තියෙන්නේ මෙහෙමයි..

http://s0.goldennumber.net/wp-content/uploads/disney-logo.jpg



http://www.metacars.com/wp-content/uploads/2009/12/fibo.jpg
Leonardo Fibonacci (1175-1250)
  මෙම ස්වර්ණමය රටාව 1202 දී හඳුනාගැනීමේ ගෞරවය
පීසාහි ලියනාඩෝ ෆිබොනාචිට  හිමිවන බව ප්‍රකට වුවද
ක්‍රි.ව. 598දී ඉන්දියාවේ උපන් බ්‍රහ්මගුප්ත විසින්ද සොයාගෙන තිබිණි.

බ්‍රහ්ම ස්ඵුට සිද්ධාන්ත නම් පොත ලියමින්
අරාබියට ඉන්දියානු තාරකා ශාස්ත්‍රය හඳුන්වා දුන් බ්‍රහ්ම ගුප්තයන්
බටහිර ඉතිහාසඥයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.

ඉන්දියානු-අරබි අංක ශාස්ත්‍රය
යුරෝපයට හඳුන්වා දුන් ගණිතඥයා ලෙස
ඉතාලියේ පීසාහි ලියනාඩෝ ෆිබොනාචි ඉතිහාසයට එක්වෙයි.


Fibonacci අංක, Fibonacci මාලාව, Fibonacci රටාව
ආදී වශයෙන් හඳුන්වනු ලබන
පහත දැක්වෙන රටාවේ
0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......
එක් අංකයක් සැදෙන්නේ
එම අංකයට පෙර ඇති අංක දෙකේ එකතුවෙනි.

2, 3, 5
2=1+1
3=2+1
5=3+2

මෙසේ  මෙම රටාව අනන්තය දක්වා ගමන් කරයි.

එක ළඟ ඇති අංක දෙකක
කුඩා අංකයෙන් විශාල අංකය බෙදූ විට ලැබෙන අනුපාත
1, 2, 1.5, 1.667, 1.6, 1.625, 1.615, 1.619, 1.618 ආදී වශයෙන් වෙනස් වී
1.6180339887 ස්වර්ණමය අනුපාතය නමින් හැඳින්වෙන
අංකයට ආසන්න අගයක පවතී.



කුඩා DNA අණුවේ සිට චක්‍රාවාට දක්වාත් ඉන් ඔබ්බටත්
ස්වභාව ධර්මයෙහි නිතරම දක්නට ඇති
පොදු අනුපාතය 1 : 1.618ක් වන
ස්වර්ණමය අනුපාතය

ස්වභාව ධර්මය සමබරතාවය රැකගැනීමට
උපයෝගී කරගන්නා ප්‍රධානම අනුපාතය විය හැක.



සොබා දහම විසින් හෝ
කලාකරුවන් විසින් කරන නිර්මාණ වල පමණක් නොව
වෙළඳපොල ආර්ථිකය හා කොටස් වෙළඳපොල වැනි
අවිනිශ්චිත ක්ෂේත්‍රයන් මත පවා මෙම අනුපාතය බලපාන බව
අද පිළිගැනෙයි.

ස්වභාව ධර්මයෙහි දක්නට ලැබෙන ස්වර්ණමය අනුපාතය

 DNA අණුව,
B-DNA major and minor grooves in phi or golden ratio proportion

 

ගස් වල අතු ඉති බෙදෙන ආකාරය,
මල්වල රේණු විහිදෙන ආකාරය ආදී වශයෙන්
ස්වර්ණමය රටාව නිතරම දක්නට ඇත.

මෙහි තද නිල් වක්‍ර 21කට ළා නිල් වක්‍ර 13ක් පිහිටා ඇත.



 http://farm1.staticflickr.com/161/348690123_375978fcac_z.jpg?zz=1


====================================================================

මිනිස් සිරුර, 


 

http://s0.goldennumber.net/wp-content/uploads/arm.gif


සතුන්ගේ කටු හා චර්යාවන් තුළ..


ස්වර්ණමය වක්‍රය ඇසුරෙන්  නිමවුණ කටුවක් සහිත
නෝටිලස් මුහුදු බෙල්ලා වසර මිලියන 500ක් තිස්සේ
පවතින හැඩය සැලකියයුතු වෙනසකට බඳුන් නොවූ
ප්‍රකට සත්ව විශේෂයකි.
http://mathforum.org/mathimages/imgUpload/NAUTILUS.jpg
නෝටිලස් මුහුදු බෙල්ලාගේ හැඩය
වසර මිලියන 500ක් තිස්සේ නොවෙනස්ව පැවතීමට
ස්වර්ණමය අනුපාතය බලපාන්නට ඇත.
එසේම විටෙක මීටර් දෙකහමාරක් පමණ විශාල බෙල්ලන්ද හමුවෙන අතර
මුහුදෙහි අඩි 2600ක් තරම් ගැඹුරෙහි දැනෙන අධික පීඩනයට ඔරොත්තු දීමටද
උගේ විශේෂ කටුව සමත්  බව සොයාගෙන ඇත.

========================================================================

නිර්මාණ කෞශල්‍යයෙන් යුතු මිනිසුන් විසින්...

චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ඡායාරූප ශිල්පය,
වෙළඳ ප්‍රචාරණය ආදී විවිධ ක්ශේත්‍රවල නිර්මාණ වලට
නොයෙක් ආකාරයෙන් ස්වර්ණමය වක්‍රය,  අනුපාතය හා රීති යොදාගෙන ඇත.



















"මේ පයිප්පයක් නෙමෙයි" -René Magritte

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMn7mFNiHr9u49DXnoXYT8JNxPYNklyrWKubDnYkVwiDk7kUhDn4pHhsrv_P0Lyz_UqDQ4ODlmCYSkdcp9ygN3Z7qH-X8dHXRi4cQbNsXwZZFoFD1aXO7u0imbVxDcgYSgdyoeGBTYAL0/s1600/zxc.jpg
මේ චිත්‍රයෙන් පෙනෙන්නෙ
චිත්‍ර වලට අදාළව
රෙනේ මැග්‍රිට් තුළ රීති වලට තිබුණ ගරුත්වයයි.

මෙහි අකුරුවලින් ඉහළ කොටස
ස්වර්ණමය අනුපාතයට හරියටම අනුකූල
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයක්.
ඔහු පයිප්පය ඇඳ තිබෙන්නේත් 

ස්වර්ණමය වක්‍රය සමග
රිද්මයක් ඇතිවෙන අයුරින්.

ස්වර්ණමය රීති වලට පක්ෂපාතීව
එහෙත් රීති වලට වහල් නොවී
ඉතාම නිර්මාණ ශීලීව කරන ලද
විශිෂ්ඨ නිර්මාණයක්.
=======================================================

   

ප්‍රචාරක වෙළඳ ලකුණු

http://s0.goldennumber.net/wp-content/uploads/logo-mazda.gif 
http://s0.goldennumber.net/wp-content/uploads/logo-honda.gif


http://s0.goldennumber.net/wp-content/uploads/logo-porsche-golden-ratio.gif


ඇපල් සමාගමේ
ප්‍රචාරක වෙළඳ ලකුණු වලටත්
ස්වර්ණමය රීති උපයෝගී වෙනවා.
  http://isource.com/wp-content/uploads/2013/02/apple-logo.jpg


http://cdn.slashgear.com/wp-content/uploads/2011/09/icloud-570x300.jpg
========================================================

ගෘහ නිර්මාණ ශිල්පය

Pyramids of Giza, the Parthenon, සිට
Le Corbusier and Mies van der Rohe ආදීන්ගේ නිර්මාණ

http://media-cache-ec2.pinimg.com/192x/0c/b6/3a/0cb63aa3d3e23641782e694ae26d1f42.jpg


http://s0.goldennumber.net/wp-content/uploads/Parthenon-Phi-Golden-Ratio-1.gif

http://s0.goldennumber.net/wp-content/uploads/Parthenon-golden-ratio-rectangle1.gif

http://batteredluggage.smugmug.com/Travel/Travel/i-q5pqMZv/5/900x900/The%20Golden%20Spiral-900x900.jpg

http://farm5.staticflickr.com/4132/4946963750_ae65589e6c_z.jpg

===========================================

 මෝටර් රථ නිපදවීම


ජේම්ස් බොන්ඩ් 007 චිත්‍රපට මාලාව සඳහා නිපැයුණ
ඇස්ටන් මාටින් මෝටර් රථ නිර්මාණයේදී...
 http://s0.goldennumber.net/wp-content/uploads/aston-martin-db9-golden-ratio-design-proportions.jpg.



ස්ටාර් ට්‍රැක් චිත්‍රපට සඳහා නිර්මාණය කළ
USS Enterprise යානය
http://s0.goldennumber.net/wp-content/uploads/star-trek-uss-enterprise.jpg

http://s0.goldennumber.net/wp-content/uploads/USS-Enterprise-golden-ratio-01.gif

 http://s0.goldennumber.net/wp-content/uploads/USS-Enterprise-golden-ratio-02.gif

 http://s0.goldennumber.net/wp-content/uploads/s-lexus.jpg
================================================================================

  සංගීතය



2, 3, 5, 8, 13 අනුපාත සංගීත ස්වර අතර..



Billie Jean MICHEAL JACKSON Thriller

මයිකල් ජැක්සන්ගේ
අතිශය ජනප්‍රිය ගීතයක් වන බිලි ජීන් ගීතයේ
ආරම්භක වාද්‍ය ඛණ්ඩ වලදී මෙන්ම
තවත් සුවිශේෂී සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ වලත්
ස්වර්ණමය රටාව අඩංගු වන බව
දකුණු ඉන්දියානු සංගීතඥයෙකු වන
විජේ අය්යර් පවසයි.
===============================================

ඡායාරූප ශිල්පය
Fuji දළ සේයාපට රාමුව

 http://fc00.deviantart.net/fs45/i/2009/108/4/6/Fibonacci_Spiral_by_jakegarn.jpg

 http://farm5.staticflickr.com/4064/4614184132_1d406e9547_z.jpg

http://cdn.indulgy.com/69/97/r4/90775748709281634oMFprHsDc.jpg

 http://new.jakegarn.com/wp-content/uploads/2009/04/carly-fruit-212.jpg

 http://www.digital-photography-school.com/wp-content/uploads/2010/11/achiofalo-14-2-600x399.jpg

 http://nirvanaphotostudio.com/storage/kerri/golden%20ratio2.jpg?__SQUARESPACE_CACHEVERSION=1331172573265.

 http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-blouvia-model.jpg

 http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-golden-spiral.jpg

 http://lh6.ggpht.com/_x9x16pAoe3E/TBo26cVO0OI/AAAAAAAAAA0/205ywOhkKes/s576/fibonacci.jpg

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdV3hy_yzTfBHZxSSdenYToCtoN630wAmRR3YSWe9MY7cxJVINdEYFL8RN2Yd0HICXedwOo0ZR_THPxwUgXoZs_iVKdryxpiPJFPTwKmIOaK3uwwDZoYb1P91GalijT2Jdx-hkjc0oAPga/s1600/4707140963_16e4f1d513_z.jpg

http://www.fabiovisentin.com/docs/Image/golden-spiral-applied-photography-3.jpg

http://pcdn.500px.net/11694367/3f4bcb633b64767c1a3cc038cc7fa445b6559a1b/4.jpg

 http://www.photostockplus.com/community/wp-content/uploads/spiral3.jpg

 http://t0.gstatic.com/images?q=tbn:ANd9GcS5XgKB85AcgmGw1p2KmCTrJVTO6qZYPupoquwOR3hlbDimJ1fTIQ

  http://fotografeumaideia.com.br/site/images/stories/autores/mate_fotografia/composicao-com-racio-fibonacci-2.jpg

  http://scienceblogs.com.br/100nexos/files/2011/11/2011110147_6935576837.jpg

http://omeuolhar.com/files/artigos/composicao-com-racio-fibonacci-1.jpg

   https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaZ6rpF6GsSEhxYKseAt2eEs2_PqAGbZKkiZYucrdHrrU8PgBt__aqjTchkXFpAIGsDJNkP4dstvjdwg2jeRTdyalRwgTsWiFxN0VCd99b4LsvXYMrtU8_CXeCeAZT97RPmDp9x25NrIvN/s400/ss-fp1.jpg

වාහනයක් හරියට පදවන්න දන්න
දක්ෂ රියදුරෙකුට
වාහනය නිසියාකාරයෙන්
ආපස්සටත් පදවන්න පුලුවන්.

හොඳින් පදම් වුණ ශිල්පීන්
රීතියට විරුද්ධවත්
හොඳ නිර්මාණ කරනවා.

කළ යුත්තෙ
රීතියට ගැලපෙන්න
ඡායාරූපය ගැනීම නෙමෙයි.
ඡායාරූපයට ගැලපෙන්න
රීති සකස් කර ගැනීමයි.

=======================================================

ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
 ස්ටීව් මැක්කරිගෙ ඡායාරූප...

එහි රාමුවෙ පරිමාණය ස්වර්ණමය රාමුවට සමීපයි.
ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..


රාමුවෙ පරිමාණය ස්වර්ණමය රීතියට අනුකූල රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.

ඒ විදියට සමබර බව බිඳීම නිසා ඇගේ ගමන හොඳින් දැනෙනව.
ස්ටීව් රීතිය රැක්කා නම් ප්‍රතිඵලය වෙනස්.

මේ තියන ඡායාරූප වල කාන්තාව හරියටම
ස්වර්ණමය රීතියට අනුව ස්ථානගත කරල තියනවා.

ඇය අහසෙ පාවෙන ගතියකුයි පෙනෙන්නෙ.
රාමුවත් හැඩතලත් සමබරයි..

ඇය කකුල දික් කරගෙන ඉන්නවා වගෙයි.
මුල් ඡායාරූපයෙ තරම් පහළට බහින ගතිය
අපට දැනෙන්නෙ නැහැ.

ස්ටීව්  මුල් ඡායාරූපයෙ
ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා.
==================================================



Photo by Steve McCurry ( No. 3 & 4 )

3 හා 4 -ස්ටීව්ගේ මුල් ඡායාරූපය
1 හා 2 - ස්ටීව්ගේ ඡායාරූපයේ මිනිසා
ස්වර්ණමය ලක්ෂ්‍යයට රැගෙන ඒමෙන් පසු.

මෙ මිනිසා ස්වර්ණමය ලක්ෂ්‍යයට එන්නට පෙර
ස්ටීව් ඔහු ඡායාරූපගතකොට තිබෙනවා.
ඒ නිසා ඔහු තවම ගමන් කරන බව පෙනෙනවා.
මිනිසා ස්වර්ණමය ලක්ෂ්‍යයට
රැගෙන ආ ඡායාරූපයේ ඔහු ගමන අවස්න් කල බවක් හැඟෙනවා.

මේ දෙකෙන් වඩාත් ප්‍රියජනක වන්නේ
ස්වර්ණමය නීතිය ආශ්‍රිතව
එය අනුසාරයෙන්, නිදහසේ ගන්නා ලද
ස්ටීව්ගේ මුල් ඡායාරූපය කියා මම හිතනවා. 



 ============================================================

Photo by Sisitha Weerasekara
ස්වර්ණමය රීතිය ඉක්මවා ගිය
ඡායාරූපයක සුන්දරත්වය.

අති විශිෂ්ඨ සම්පිණ්ඩණයක්
වර්ණ අතින් සහ හැඩතල අතින්,,

1 ඡායාරූපය මත ස්වර්ණමය වක්‍රය   2, වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු.   3,  මුල් ඡායාරූපය

ස්වර්ණමය වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු
මුහුදෙ මහිමය දැනෙන්නෙ නැහැ.

සිසිතගෙ ඡායාරූපයෙ
මුහුදෙ විශාලත්වය නිසා දැනෙන මිනිසා තනිවුණ ගතිය
ස්වර්ණමය වක්‍රයට ක්‍රොප් කිරීමෙන් පසු
නැති වෙලා තියනවා.

රීතියට ගරු කරන නමුත්
රීතියට අනුවම
ඡායාරූප ගතයුතු නැහැ

රීතිය දැනගෙන
රීතිය හිතේ තියාගෙන
තමන්ට දැනෙන හැඟීම මතුවෙන්න
රාමුව සකස් කරගත යුතුයි.

සමහර වෙලාවට
ඒ ටික කරන්න වෙන්නෙ ක්‍රොප් එකෙන්..

සිසිතගෙ ඡායාරූපයෙන්
ඒ දේ හොඳින් සිදුවෙලා තියනවා.
මිනිසා පසුබිමත් සමග සමබර වුණා නම්
සිසිත කියන හුදකලාව දැනෙන්නෙ නැහැ.

 
මෙහි විශාල අවකාශය
ඒ මිනිසා සාපේක්ෂව කුඩා කිරීම නිසා
ඔහුගෙ තනිකම වැඩිවෙලා.
-------------------------------------------------------------------------------


දුවන කෙනෙක් පෙන්නද්දි
රීතිය හරියටම යෙදුවොත්
ඔහු දුවන ගතිය දැනෙ
න්නෙ අඩුවෙන්...


ඔහු ස්වර්ණමය ක්ෂේත්‍රය
ඉක්මවා යායුතුයි.

-------------------------------------------------------------------------------

ඒ වගේම
ඒ මිනිසා ස්වර්ණමය වක්‍රය ආශ්‍රිතව
ඡායාරූපය තුළ ස්ථානගත කිරීම
මෙහි සුන්දරත්වයට ප්‍රධානම හේතුවක්.

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/970436_511013762279962_1890708568_n.jpg
විකර්ණය දිගේ සටහන් වෙන
මුහුදු රැල්ල
මිනිසා අසල සම්පූර්ණයෙනුත්
අනික් හරිය රිද්මයකට
දියවෙලා කැඩිලා බිඳිලා තිබීම
තවත් ලස්සණක්

මිනිසාගේ කැප් තොප්පියේ වර්ණය
මෙහි වැඩි පුර ඇති
කොළ පැහැයට ප්‍රතිවිරුද්ධ
රතු වර්ණය වීම
තවත් ප්‍රබල හේතුවක්..

වර්ණ චක්‍රයෙහි එක් පසෙක වර්ණ සංගත වර්ණ වන අතර
චක්‍රයෙහි එකිනෙකට මුහුණ ලා ඇත්තේ
ප්‍රති විරුද්ධ වර්ණයන්ය.

වර්ණ චක්‍රය සහ වර්ණ පිළිබඳව 
වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත  ලිපිය බලන්න


 ============================================================

ස්වර්ණමය වක්‍රය අඳින ආකාරය

0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ......

ස්වර්ණමය වක්‍රය ඇඳීමේදී මෙම අනුපාත භාවිතා වෙයි.


Fibonacci Spiral


http://www.maths.surrey.ac.uk/hosted-sites/R.Knott/Fibonacci/fibSpiralANIM.gif
ස්වර්ණමය වක්‍රය අඳින ආකාරය







 









 ======================================================


http://photoinf.com/Golden_Mean/John_Longenecker/Rule_of_Thirds/xrule-of-thirds.jpg.

අද දෘෂ්‍ය කලා ශිල්පීන් අතර බහුල වශයෙන් භාවිතා වෙන
Rule of Thirds නම් රීතිය සහ ස්වර්ණමය රීතිය අතර ඇති
සබඳතාවය සහ වෙනස මෙසේ දැක්විය හැකියි.

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/1395440_10200763218949529_1680967529_n.jpg


======================================================


ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.


ගයිරස්කෝපය විශ්මය ජනකයි.

ගයිරස්කෝපය අහස් යානාවෙ ගමනට ආධාර වෙනවා.

 එක විදියකට,  ගයිරස්කෝපය
අපේ කණ ඇතුලෙ තියන
සිරුරෙ සමබරතාවය රකින්න
ආධාරවෙන කොටස් වගෙයි
කියල හිතනවා..


ගුරුත්වාකර්ෂණය තේරුම් ගැනීමෙන් සහ
තවත් නීති අධ්‍යයනයෙන්
අහස් යානය නිපදවීම සිදු වුණා.

රීතිත් ඒ ආකාරයටයි
උපයෝගී වියයුත්තෙ..

ගයිරස්කෝපය වුණත්
හරියට භාවිතා කරන්න
දන්නෙ නැති කෙනෙකුට
ඒක වටින්නෙ නැහැ.

ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.

ස්වර්ණමය රීතිය කියන්නෙ
දෘශ්‍ය කලාවෙ එක රීතියක් විතරයි.

අපි දකින ඕනම හැඩතලයක්
ස්වර්ණමය රීතිය යොදලා
ලස්සණට රූ ගත කරන්න පුළුවන්
කියල හිතෙන එක
වෙනත් රීති නොදන්න කෙනෙකුට
සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.

ඡායාරූපයට ස්වර්ණමය රීතිය බලපාන හැටි
විශේෂයෙන් බලන්න ඔබට අවශ්‍ය නම්
ඔබ කැමති තැනකට සොඳුරු ලක්ෂ්‍යය තියල
කපල බලන්න.

බොහෝ විට
ඔබ ගත් මුල් ඡායාරූපයට වඩා
හොඳ ඡායාරූපයක් නොලැබෙන්න පුලුවන්.
මුල් ඡායාරූපය ආධුනිකයෙකුගෙ නම්
රීතිය ගැලපෙන වෙලාවට
එහි විශාල දියුණුවක් දකින්නත් පුලුවන් වෙයි.

ස්වර්ණමය රීතිය කියන්නෙ
නිශ්චිත රාමුවකට අදාළ
එක් රීතියක්..

වර්ණවලට අදාළ රීති තියනවා.
හැඩතල වලට අදාළ රීති තියනවා.

ඡායාරූපයක රාමුව ඇතුළෙ තියන
අන්තර්ගතයට අනුව
අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බලපාන
රීති පද්ධතියක් තියනවා.

ඒ රීති උපයෝගී වෙන විදිය අනුව
ඇතිවෙන හැඟීම් වෙනස්.
ස්වර්ණමය රීතිය හෝ
වෙනත් රීතියක් කියන්නෙ
රෙඩිමේඩ් ඇඳුමක්.
හැමෝටම ඒක හරියන්නෙ නැහැ.
ගන්නම ඕන නම් අරගෙන
තමන්ගෙ හැඩරුවට ගැලපෙන්න
සකසා ගන්න වෙනවා.

ස්වර්ණමය රීතිය ඇතුළු අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
නිවැරදිව උපයෝගී කරගැනීමෙන් හා නිර්මාණශීලීව බිඳීමෙන්
විශ්මය ජනක ප්‍රතිඵල ලබා ගත හැකියි.

රීති රැකීමටත් රීති බිඳීමටත්
රීති දැනගත යුතුයි.
නිර්මාණශීලී විය යුතුයි.

ඇහැට පෙනෙන දෙයක් රස විඳින
ඕනම කෙනෙකුට
ඡායාරූපයක් ගන්න පුලුවන්.
ඒත් ඡායාරූපයට
කැමරාවක් තිබුණ පමණින් හෝ
කැමරාවෙ තාක්ෂණය දැනගත් පමණින් හෝ
තමන් දුටු දේ
ඒ අයුරිම සටහන් කරගන්න
පුලුවන් වෙන්නෙ නැහැ.

ඔහු දුටු දේ එතරම් හෝ
ඊටත් වඩා හොඳින්
තව කෙනෙකුට පෙන්වන්නයි
ඔහු තව කෙනෙකුගෙන් හෝ
පොතපතින් ඉගෙන ගතයුත්තෙ.

තමන් දකින දේත්
ඡායාරූපයත් අතර පරතරය
නිවැරදිව පියවා ගන්න
නූතන වාදය,
පශ්චාත් නූතන වාදය ආදී සියල්ලත්
ස්වර්ණමය රජතමය ශෛලමය රීති
සියල්ලමත්
කැමරාවෙ තාක්ෂණයත්
ඔහුට ආධාර වෙනවා.

මේ ඡායාරූපයෙ
අහවල් වාදය,
අහවල් රීතිය තියනවද කියල
අනුන්ගෙන් අහන්න අවශ්‍ය නොවෙන තරමට
ඒ වාද හා රීති හදාරන්න.

ඉගෙන ගන්න වෙලාවට
අනුන්ගෙ ඇස් වලින් බලල ඉගෙන ගන්න.

රස විඳින වෙලාවට,
නිර්මාණකරණයෙ යෙදෙන වෙලාවට
තමන්ගෙ ඇස් වලින් ලෝකය දකින්න.

.
.
Source

ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්

------------------------------ The End ------------------------------

මේ පිළිබඳව ඔබේ අදහස් හා
මෙ තොරතුරු තවත් හරවත් කරගන්නට ඔබේ යෝජනා බලාපොරොත්තු වෙමි.

No comments:

Post a Comment