Wednesday, February 12, 2014

රීතියක් වාසි සහගත ලෙස බිඳිලා

මෙහි රීතියක්
වාසි සහගත ලෙස
බිඳිලා තියනවා.

1, රීතිය මොකක්ද?

2, බිඳිලා තියෙන්නෙ කොහොමද?


ගාලු ගිය ගමනේදී හසුකරගත්තක්
 -----------------------------------------------------------------------------------------------------
Sajith Fernando ස්පර්ශක දෝෂයක්

Kasun Chaturanga Gajamange අර බෝඩ් එකයි ,ක්ෂිතිජ සීමාවයි ස්පර්ශවීමද? ගැහැණු කෙනාගේ ඔලුවය් ,ක්ෂිතිජ සීමාවයි ස්පර්ශවීමද?


Athula Siriwardhane .
වාසි සහගත ලෙස
බිඳිලා තියනවා.
Athula Siriwardhane .
මෙහි වැඩියෙන් මතුවෙලා පෙනෙන්නෙ
කොයි එක්කෙනාද?

Athula Siriwardhane .
මෙහි වැඩියෙන් මතුවෙලා පෙනෙන්නෙ
කොයි එක්කෙනාද?

Sajith Fernando පුරුෂයා

Athula Siriwardhane .
පුරුෂයා මතුවෙන්න හේතු වෙන්නෙ මොනවද?

Sajith Fernando ස්පර්ශකය


Sajith Fernando මේ පින්තූරෙ මම දකින් අරමුණු තුනක් තියෙනවා
දැන්වීම, කාන්තාව හා පුරුෂයා
දැන්වීමත් කාන්තාවත් ස්පර්ශකය (ක්ෂිතිජය)ට පහළින් ඉන්නේ

පුරුෂයා ක්ෂිතිජය අභිබවා යමින් ඉන්නේ
ඒ නිසා පුරුෂයා මතුවෙනවා වැඩියි

Athula Siriwardhane .
තව එක පේළියක් අවශ්‍යයි සජිත්
නිවැරදිම පිළිතුරට.

Athula Siriwardhane .
සජිත් ස්පර්ශකයක් කියන්නෙ රේඛාවකට කියලයි
සජිත්ගෙ භාවිතය අනුව හිතෙන්නෙ.


ස්පර්ශකයක් හැදෙන්න
අවම වශයෙන් හැඩ දෙකක්..
හැඩ තල දෙකක්..
රේඛා දෙකක් තිබිය යුතුයි..

ඒ විදියට හැදෙන ස්පර්ශකය
දෝෂයක් වෙන්නත් පුලුවන්..
සහායක් වෙන්නත් පුලුවන්.

Athula Siriwardhane .
මේ ඡායාරූපය නවකයෙකුගේ ඡායාරූපයක්.
මේ ප්‍රශ්නය මා ඇසුවේ මුලින්ම ඔහුගෙන්..

ඔහුට මේ රීතිය මා දැක්වූ විදිය මතක් වුණා.
මේ ඔහුගේ පිළිතුරයි..
එයත් අසම්පූර්ණයි..
"කලින් වතාවක ඔබ ලියූලිපියක දුටුවා ඇවිදින මිනිසෙකුගේ රූපයක් පිලිමයක් සමග.
එහි ඒ පුද්ගලයාගේ හිස ඉදිරියෙන් වූ මල් වැටක් හා ස්පර්ශව තිබුනා.... ඒ හා සමාන සංසිද්ධියක් මෙහි පුද්ගලයා සම්භන්දව සිදුවී තිබීමද?"

Sriyantha De Silva Mama photography walata adunikayek.oyala hina wnat kamak na.mata hitena de kiyannam.photo eka depatten balance na,ewagema akashayata deela thiyena eda wadiy.eken loku histhanak enawa.

Athula Siriwardhane Eka hari Sriyantha.. Adhunikayek wunath oba hari..
Eath api katha karanne wenath reethiyak genayi..
Meya adupaadu sahitha Chaayaaroopayak.. Eath api balanne wenath reethiyak mehi yedhee ethi widiyayi..

Athula Siriwardhane සජිත්ට දැන් කියන්න පුලුවන්ද?


Sajith Fernando හිස්වැසුම

පුරුෂයා මතුවෙන්න හේතු වෙන
රීතියට අදාළ කරුණ

කියන්න පුලුවන්ද?
Sajith Fernando මා කලින් කියූ කාරණය හා ස්ත්‍රීය හිස්වැසුමක් පැළඳ සිටීම (පුරුෂයා හිස් වැස්මක් පැළඳ නොසිටීම)

Athula Siriwardhane ස්පර්ශක රීතියට අදාළ කරුණ...


Athula Siriwardhane මුල් රූපය සමග සසඳන්න..
 
Sajith Fernando සංස්කරණයේ පැහැදිළිවම කාන්තාවගේ මතුවීම දැණෙනවා

Athula Siriwardhane .
කලින් ඇගේ හිස සිතිජයේ ස්පර්ශ වුණා..
දැන් ඇගේ හිස සිතිජය කපලා.

Athula Siriwardhane .
පුරුෂයා මතුවෙන්න,
ඔහුගෙ කලු ටීෂර්ට් එක

ප්‍රමාණත්මකව විශාල වීම
වගේ හේතුත් බලපානවා.
ඒත් ඔහුට ඇය තරඟයක් නොවුණේ
ඇගේ හිස සිතිජයේ ස්පර්ශ වීමයි..

Athula Siriwardhane .
Photo by Henri Cattier Bresson
මෙහි අරමුණු දෙකක් තියනවා.

පිළිමයට මුල්තැන ලැබෙන්නේ
මිනිසාගේ හිස
මල්වැටේ රේඛාව සමග
ස්පර්ශ වීම නිසයි.

එසේ වීම සම්මතයට පටහැණියි.



Athula Siriwardhane .
මිනිසාගේ හිස මල් වැටේ රේඛාව
ස්පර්ෂ නොවුණා නම් ඇති වෙන ප්‍රතිඵලය.
එවිට පිළිමයත් මිනිසාත් අතර
තරඟයක් ඇති වීමෙන්
ඡායාරූපයෙ සරල සන්සුන් බව
බිඳ වැටෙනවා.


 












Sriyantha De Silva Thanks athula, mama adunikayek nisa reeti gana danumak na.reeti gana danaganeewi patinatha weddi.danata mama hitanne 1.chayaroopaye aramuna 2.camera koona 2.warna gana egeneema......ha 3.prekshaka prathichara. Adunikayek widihata mulikawa mewa egeneema wadagath widihata mama dakinawa.

Athula Siriwardhane .
නොදන්න බව දන්න කෙනෙකුට
නොදන්න කම ගැටළුවක් නෙමෙයි ශ්‍රියන්ත..
නොදන්න කෙනෙකුට කියල දෙන්න පහසුයි..
ඒ දේ නොදන්න..
වෙනත් දේ දන්න කෙනෙකුට
ඒ දේ කියල දෙන්න අමාරුයි.
ඔහු තමන් ළඟ ඇතිදේට පටලවා ගෙනයි
වටහා ගන්න හදන්නෙ.

ඔබ ආවෙ හොඳ වෙලාවක.
මෙකත් බලන්න.

Athula Siriwardhane .
ඔබ ඔය කියන හැම දේටම
රීති අදාළයි. ශ්‍රියන්ත
1. ඡායරූපයෙ අරමුණ
2. කැමරා කෝණ
2. වර්ණ
3. ප්‍රේක්ෂක ප්‍රතිචාර.

No comments:

Post a Comment