Saturday, March 22, 2014

ඡායාරූපයක අරමුණ රාමුවෙන් කැපෙන එක වරදක්ද?



අරමුණ රාමුවෙන් කැපෙන එක වරදක් කියල
බොහෝ ඡායාරූප ශිල්පීන් හිතනවා.
මේ ගැටළුව රසිකයන්ට නැහැ.
ඔවුන් රාමුව තුළ තියන දේ
ඡායාරූපය වශයෙන් සලකනවා.

අරමුණ රාමුවෙන් නොකැපිය යුතුයි කියල රීතියක් නැහැ.

අරමුණ රාමුවෙන් කැපෙන එක වරදක්ද නැද්ද කියල තීරනය වෙන්නෙ
ඒ කැපීම ඡායාරූපයට බලපාන විදිය අනුවයි.

රිද්මයට හුරු වුණ තියුණු ඇසක් ඇති කෙනෙක්
ඡායාරූපයක් ගන්න කොට
රාමුවට කැපුණත් නිවැරදියි..
නොකැපුණත් නිවැරදියි.
====================================================
 Photo by
from
The Takeoff... Changeable Hawk eagle
Canon 60D with Sigma 150-500 @500mm
Shutter speed 1/2500 sec
Aperture f/6.3
ISO Speed 1600 — at Udawalawa National Park.



Athula Siriwardhane
Wow...
    One of the best wild life photos
   I've ever seen..

        Dumith Mudannayake
Thanks Mr. Athula for the appreciation.. although i thought its not that good
coz I've lost just a feather from the top of the frame.. anyways thanks again for comments..
Appreciate it.. and surely an encouragement for me..

    Athula Siriwardhane
Don't Worry Dumith..
    I didn't notice it til you told me..
    That is a wrong way to judge...
    If what is inside is right... that too is right..
    If you get them in, it would be different...
    That crop may be a plus..

    If the feathers were in face would lose attention..
    I suppose..

    Dumith Mudannayake

thanks for ur advice..

    Athula Siriwardhane .
    මේ ඡායාරූපයෙ විශේෂත්වයට
    අපූර්වත්වයට
    මූලිකම හේතුව ඉහළ තියන පිහාටු ටික කැපෙන එකයි..

ඒ ටික තිබුණා නම්....

       මේ ඡායාරූපය අපි නිතර දකින
    තවත් එක් වනජීවී ඡායාරූපයක් පමණයි.

 ==================================================
 කුරුල්ලාගේ නික්මීම


කුරුල්ලාගේ නික්මීම වඩාත් දැනෙන්නේ
කවර ඡායාරූපයේද?

  කුරුල්ලා පමණක් නොවෙයි...
පසුබිමත් එහි රේඛාත් මේ කුරුල්ලාට ජවයක් සපයනවා.

කුරුල්ලා කුඩා කොටුවෙන් පිටත් වෙනවාක් මෙන් හැඟෙන අතරෙ
ඉදිරි කොටුව විශාල වීම උගේ පිම්මට ආධාරකයක්.

මේ ඡායාරූපයෙ විශේෂත්වයට, අපූර්වත්වයට
    මූලිකම හේතුව ඉහළ තියන පිහාටු ටික කැපෙන එකයි..

සම්පූර්ණ තටුව ඇතුල් වීමෙන්
උගේ ජවය බොහෝ දුරට බාල වෙනවා.




ඡායාරූප බලා මෙලෙස කරන විශ්ලේෂණ
ඔබේ යටි සිතේ තැන්පත්වෙනවා.
අවශ්‍ය වෙලාවට උපකාරී වෙනවා.

රීති ඉගෙනීමෙන් සිදු වෙන
හොඳම සේවය නම්
ඡායාරූප ශිල්පය පිළිබඳ කලාවක් ලෙස
ඔබ ඇතිවෙන ගෞරවය මත
ඔබට වෘත්තීය අභිමානයක් ඇති වීමයි.

ඔබ වහලුන් කරගන්න හිතාගෙන
ඔබ සදාකාලික නොදරුවන් ලෙස
අත පල්ලේ තියාගන්නට
වෙර දරන අයට නොරැවටෙන්න.

ඔබත් රීති හැදෑරීමට සහ
ඒ මත අභ්‍යාස කිරීමට විනා
රීතිවලට අනුව ඡායාරූප ගන්නා
යන්ත්‍රයක් නොවන්න.


====================================================

            ඔබ වීව් ෆයින්ඩරයෙන් බලන විට
    ඔබ අසා දැක තියන සියල්ලට වඩා
    ඔබේ ඇසට පෙනෙන දසුන විශ්වාස කරන්න.
    ඔබ හිතන්න ප්‍රමාද වුණා නම්
    මේ කුරුල්ලා රාමුවෙන් ඉවතට යනවා.
    අරමුණ අචල එකක් වුණත්
    ඔබට පෙනෙන දේ විශ්වාස කරන්න.

    කිසිම ඡායාරූපයක්
    එකම රීතියකට යටත් නැහැ.

    රීති සියල්ලම තනි තනිව හදාරන්න..
    ඔබ තෝරාගන්නා රාමුව
    ඒ රීති සියල්ලෙත්
    ඔබේ උකහා ගැනීමෙ ශක්තියේත්
    සංකීර්ණ සංකලනයක්..

    රීති අනුව ඡායාරූප ගැනීම
    අභ්‍යාසයක් විතරයි..
    එහිදී අපි අනිත් රීති
    නොසලකා හරිනවා.
    ඡායාරූපයක් ගන්න වෙලාවට
    එක් රීතියකට කොටු වුණොත්
    ඒක නිර්මාණයක් නෙමෙයි.
    ඒ ඡායාරූපයට
    රීතිය ඉගැන්වූ කෙනාත් හවුල්.

    රීති නොසලකා ගන්න ඡායාරූපත්
    නිර්මාණ නෙමෙයි.
    කොයිතරම් හොඳ වුණත්
    ඒක කණා ෂොට් එකක්.
    ඔහුට ආයේ ජීවිතේටම
    එවැන්නක් නොලැබෙන්න පුලුවන්.

    රීති හොඳින් හදාරන අය
    ඡායාරූප ගන්න වෙලාවෙදි
    රීති සිහි කරන්නෙ නැහැ.

    හොඳින් තියුණු කරල තියන නිසා...
    ඔහුගෙ ඇස තීරණ ගන්නවා.   

වීව් ෆයින්ඩරයෙන් බලන ඡායාරූප ශිල්පියෙක්
ඒ මොහොතට තමන් දකින දේ
රස විඳිය යුතුයි.

ඒ රසය තමයි අපිත් පසුව විඳින්නෙ.

ඔහු ඒ මොහොතෙ හිතුවොත් රසය ගිලිහෙනවා.

ඔහු ඡායාරූපය ගන්නෙ සිතුවිල්ලකට අනුවයි.
එහි අර රසය නැහැ.
=============================================================

රීති පිළිබඳ ලිපි

.

Friday, March 21, 2014

ස්වර්ණමය රීතිය වක්‍රාකාරයෙන් භාවිතා කරන අයුරු.


නිර්මාණයක සුන්දරත්වය තියෙන්නෙ
රිද්මයට අනුකූල වීම තුළයි.

රීති ස්වරමාලා වගෙයි..
කර්ණ රසායන ස්වර සංගති මාලා
අනන්තයි අප්‍රමාණයි..

රීතියකට අනුකූල නිර්මාණ වලට
රසිකයා බැඳෙන්නෙ
ඔහුට ඒ තුළ දැනෙන හුරුපුරුදු බව නිසයි..

ඍජුවම රීතියක් උපයෝගී කරගන්නවාට වඩා
වක්‍රාකාරව උපයෝගී කර ගැනීමෙන්
නිර්මාණයට හුරු පුරුදු බවක් මෙන්ම
අපූර්වත්වයද එක්වෙනවා.
====================================================
සතුන් මවන වක්‍රාකාර රටා
බොහෝ විට ස්වර්ණමය රීතිය හා බැඳෙන ස්වභාවයක්
දකින්නට ලැබෙනවා.
ෆේස්බුක් සමූහයෙහි පළ වූ
මේ ඡායාරූපය පිළිබඳ
එහි ඇති වූ සංවාදයක සංස්කරණයක් මේ.
 From 
The ART Gallery

========================================================
  

Athula Siriwardhane .
මෙහි වලිගය
උවමනාවෙන් හකුලුවාගත් බවක්
දැනෙනවාද?

========================================================



Athula Siriwardhane .
මෙහි මා භාවිතා කළ රීතිය කුමක්ද?
Athula Siriwardhane's photo.
========================================================



Dileepa Wattegama  
S hadaya karnaya samaga....

 ========================================================

 
Sanjeewa Weerasinghe  
S වක්‍රය නේද 

========================================================


Athula Siriwardhane .
S වක්‍රයත් තියනවා..

ඒත් මම භාවිතා කළේ
වෙනත් ජනප්‍රිය රීතියක්..

රීතිය උපයෝගී කරගත්තේ
සම්මතයට ටිකක් පිටින්...
========================================================


Sanjeewa Weerasinghe  
1/3 රීතියට අනුව බවක් හැගෙනව,
නමුත් සම්මතයට පිටින් කියන දෙය පිලිබදව පැහැදිලිතාවක් තවම නැහැ...
ඔබ ක්‍රොප් කිරීම ආරම්භ කර ඇත්තෙ 1/3 ප්‍රමානයෙන් බව පැහැදිලියි...

හිසෙහි අවසානය වම් පැත්තට යොමු වෙලා තිබීමත්
හිසෙන් යොමු වෙන වම් පැත්තට ඉඩ තිබීමත් නිසා
රාමුව සම්පූර්න වීමට ඉන් ලැබී ඇති සහයෝගය අගෙයි...

සිරස් අතට 3ට බෙදු විට සම්පූර්න අරමුනෙන් 1/2ක ප්‍රමානයක්
මැද කොටස පුරා ගලාගෙන යාම විශේෂයක් ලෙස මා දකිනව
 ========================================================



Athula Siriwardhane .
ස්වර්ණමය රීතිය... :)

 ========================================================


Gayan Tharaka  
ඇඳලම පෙන්නන්න පුලුවන්ද?

======================================================== 


Athula Siriwardhane


======================================================== 


Gayan Tharaka  
Flow එක ලයින් එක දිගේම තියෙන්න ඕන නැද්ද?

======================================================== 


Athula Siriwardhane .
සුන්දරත්වය තියෙන්නෙ
රිද්මයට අනුකූල වීමෙයි.. Gayan..

රීති ස්වරමාලා වගෙයි..
කර්ණ රසායන ස්වර සංගති මාලා
අනන්තයි අප්‍රමාණයි..

======================================================== 


Gayan Tharaka  
හ්ම්.. ඒක පලපුරුද්දෙන්ම දකින්න වෙයි වගේ

======================================================== 


Athula Siriwardhane .
සුන්දරත්වය තියෙන්නෙ
රිද්මයට අනුකූල වීමෙයි..


======================================================== 


Athula Siriwardhane .

මේ සතාගෙ රිද්මය තියනවා..
අනිවාර්යයෙන් ඒ රිද්මය
ස්වර්ණමය රීතියට අනුකූලයි..
සංජීවත් ඇදෙන්න ඇත්තෙ
ඒ රිද්මයට තමයි..

මේ ඡායාරූපය
වඩාත් ස්වර්ණමය රීතියට ළඟයි..

========================================================


Athula Siriwardhane  
මේ සතාගෙ රිද්මය........


========================================================


Athula Siriwardhane


========================================================


Athula Siriwardhane .

"මේ පයිප්පයක් නෙමෙයි" -René Magritte

මෙහි අකුරුවලින් ඉහළ කොටස
ස්වර්ණමය අනුපාතයට හරියටම අනුකූල
ස්වර්ණමය ඍජු කෝණාශ්‍රයක්.


========================================================


Athula Siriwardhane .
ඔහු පයිප්පය ඇඳ තිබෙන්නේත්
ස්වර්ණමය වක්‍රය සමග
රිද්මයක් ඇතිවෙන අයුරින්.




========================================================


Athula Siriwardhane .
ස්වර්ණමය රීති වලට පක්ෂපාතීව
එහෙත් රීති වලට වහල් නොවී
ඉතාම නිර්මාණ ශීලීව කරන ලද
විශිෂ්ඨ නිර්මාණයක්.


=========================================================

......සිරි පොද.......වෑස්සේ..... — at Yala National Park.https://www.facebook.com/photo.php?fbid=10152032020100847&set=oa.224941311029724&type=1

 

 

 

===========================================

ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
.


Tuesday, March 18, 2014

ලිපි අනු පිළිවෙල

  1. තිත - ලක්ෂ්‍යය හැසිරෙන ආකාරය
  2. ඡායාරූප සම්පිණ්ඩනයේදී ත්‍රිකෝණය යෙදෙන අයුරු
  3. ස්වර්ණමය රීතිය
  4. සේයාරූ සම්පිණ්ඩණය
  5. රීතියක් වාසි සහගත ලෙස බිඳිලා
  6. අරමුණ කුඩා වීම මේ වෙලාවෙ ගැටළුවක් නෙමෙයි..

තිත - ලක්ෂ්‍යය හැසිරෙන ආකාරය





දෘෂ්‍ය කලාවේදී තිතක් වුවද වැදගත් වෙයි.


 
රාමුවක් තුළ ඇති තිතක් වුවද
එම රාමුවේ දාර වලට ආතතියක් දක්වයි.



තිත ස්ථානගතවන ආකාරය අනුව 
ආතතීන් වෙනස් වෙයි.

විශාල පාලු පෙදෙසක ඇති කුඩා වස්තුවකට වුවද
මෙම රීතිය බලපායි.

 =======================================================

 ලක්ෂ්‍ය දෙකක්  ඇති විට


 ලක්ෂ්‍ය දෙකක්  ඇති විට
 එම ලක්ෂ්‍ය අතර අදෘශ්‍යමාන රේඛාවක් ඇති වෙයි.
 

ලක්ෂ්‍ය දෙකක් ඇති විට
ලක්ෂ්‍ය අතර සහ රාමුවේ දාර අතර ආතතීන් ඇතිවෙයි.
 

ලක්ෂ්‍යවල පැහැය, ප්‍රමාණය සහ ස්ථානය අනුව
 ආතතීන් ප්‍රමාණ වෙනස්වෙයි.


වස්තූන් වල ස්ථානගතවීම වෙනස් වන විට
ලක්ෂ්‍ය අතර ආතතියද අදෘශ්‍යමාන රේඛාද වෙනස්  වෙයි.

ඒ අනුව එම වස්තූන් සමග අපට දැනෙන සබඳතාවයද වෙනස් වෙයි.

පියා සලා යන කුරුල්ලෙකු වැනි ක්‍රියාශීලී වස්තුවකට 
ලක්ෂ්‍ය අතර ආතතියද අදෘශ්‍යමාන රේඛාද වෙනස් වීම වඩාත් තදින් බලපායි.
  එම බලපෑම නිසා කුරුල්ලාගේ ක්‍රියාශීලී බවෙහි ප්‍රබලතාවය
අපට දැනෙන ආකාරය බෙහෙවින් වෙනස් වෙයි .
=======================================================

ලක්ෂ්‍ය  කිහිපයක්  ඇති විට

 

 ලක්ෂ්‍ය කිහිපයක් ඇති විට
ලක්ෂ්‍ය අතර සහ රාමුවේ දාර අතර ආතතීන් ඇතිවෙයි.
 

ලක්ෂ්‍ය  කිහිපයක්  ඇති විට
 එම ලක්ෂ්‍ය අතර අදෘශ්‍යමාන රේඛා ඇති වෙයි.

ලක්ෂ්‍ය කිහිපයක් ඇති විට
එම රේඛා ආධාරයෙන් සහ
ලක්ෂ්‍ය අතර අදෘශ්‍යමාන හැඩතල ඇති වෙයි.





ලක්ෂ්‍යයක් යනු තිතක් පමණක් නොවේ.
රේඛාවක කෙළවරද, රේඛා දෙකක් හමු වන ස්ථානද
ලක්ෂ්‍ය මෙන් ක්‍රියා කරයි..

ත්‍රිකෝණය, පංචාශ්‍රය ආදී හැඩතලයක මුල්ලක් 
ලක්ෂ්‍යයක් මෙන් ක්‍රියා කරයි.

ප්‍රමාණය අනුව කුරුල්ලෙක් හෝ අහස්යානයක් නැවක් වුව
ලක්ෂ්‍යයක් මෙන් ක්‍රියා කෙරෙයි..

 පියා සලා යන කුරුල්ලෙකුගේ 
හොට, පාද කෙළවර, තටු කෙළවර, වල්ගය කෙළවරද
ලක්ෂ්‍ය මෙන් ක්‍රියාකොට හැඩතලයක් නිර්මාණය කරයි.

 ඇස, නිය පොතු, අත්ල,
කුඩා ප්‍රමාණයේ මිනිස් රුවක නම් හිස
ආදී වශයෙන් අවස්ථානුකූලව
ඕනෑම දෙයක් ලක්ෂ්‍යයක් මෙන් ක්‍රියා කළ හැක.

ඇස,

 නිය පොතු,

 අත්ල,
 

මේ සම්බන්ධතා පිළිබඳව හැඟීමෙන් යුතුව
රටාවකට, රිද්මයකට එම සම්බන්ධතා පෙළගස්වා
රසිකයා තුළ
තමා කැමති ආකාරයේ හැඟීමක් ජනිත කරන්නට
දක්ෂ කලාකරුවා සමත් වෙයි.
ඔහු පළමුව හැදෑරීමෙන් හා
දෙවනුව ඉන් ජනිතවූ නිසර්ග හැකියාවෙන්
සම්පිණ්ඩණය උපයෝගී කරගනියි.

සම්පිණ්ඩණයෙහි මූලිකම අංගය වන ලක්ෂ්‍ය 
හැසිරෙන ආකාරය පිළිබඳ දෘෂ්‍ය කලා රීති වල
ඉතාම මූලික හා ලුහුඬු හැඳින්වීමක් පමණි, මේ.

ඉදිරියේදී හැඩතල පිළිබඳව හදාරන රීති
මේ රීති මත ගොඩ නැගෙනු ඇත.
 







 ========================================================
උදාහරණ සහිත තවත් ලිපියක්