Friday, March 14, 2014

ඡායාරූප සම්පිණ්ඩනයේදී ත්‍රිකෝණය යෙදෙන අයුරු






අප දකින හැම දෙයකම ත්‍රිකෝණාකාර හැඩතල ඇත.

ඒවා හඳුනාගැනීමත්, නිසි අයුරින් යොදාගැනීමත්
අප පුහුණු විය යුතුය.

ත්‍රිකෝණ ඉතා පහසුවෙන් යොදාගැනීමටත්,
වෙනස් කර ගැනීමටත් සකසා ගැනීමටත් හැකි නිසා
ඉතාම ප්‍රයෝජනවත් සම්පිණ්ඩණ උපාංග ලෙස යොදාගත හැක.

ත්‍රිකෝණයක් සමමිතිකව යොදාගත් විට
අභිමානය, අධිකාරිත්වය, උඩඟුකම, ස්ථාවරත්වය,
නිසල බව, ශක්තිමත් බව ආදී හැඟීම් ජනිත කරවයි.

ත්‍රිකෝණ සමග රේඛා ආදිය සමග මිශ්‍රකරගෙන
ඉතා සිත්ගන්නා සුළු සම්පිණ්ඩණ උපක්‍රම තනා ගත හැකි නමුදු
වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ
ස්ථාවරත්වය ඇති කිරීමට හෝ බිඳීමටය.

ත්‍රිකෝණ යොදාගන්නේ ඇයි..


සම්පිණ්ඩණයකදී
ත්‍රිකෝණ යොදාගන්නේ මන්දැයි යන්න
පැහැදිලිව දැක්විය හැකි නොවන්නේ
ඡායාරූපයක් ගැනීමේදී ත්‍රිකෝණ මග හැරිය නොහැකි බැවිනි..

එහෙයින් අප කළ යුත්තේ එම ත්‍රිකෝණ මනාව උපයෝගී කරගැනීමයි.


කිසියම් ලක්ෂ්‍ය තුනක් සම්බන්ධ කොට
ත්‍රිකෝණයක් තනාගත් විට ස්ථාවරත්වය, බලපෑම,
අස්ථාවරත්වය ආදී හැඟීම් මතු කළ හැකිය.

ඡායාරූප විශ්ලේෂණය කරමින්
සැඟවී ඇති ත්‍රිකෝණ මතුකරගැනීමේ හැකියාව වැඩෙන විට
එම ත්‍රිකෝණ අදෘශ්‍යමාන උපාංග ලෙස
සිය ඡායාරූප වලට යොදාගෙන
රසිකයා තුළ ප්‍රබල හැඟීම් ඇති කිරීමට
කෙනෙකුට හැකි වෙයි.
=========================================================

ත්‍රිකෝණ තනාගන්නේ කෙසේද?

එකම සරල රේඛාවක නොපිහිටන, ලක්ෂ්‍ය තුනකින්
ත්‍රිකෝණයක් මතු කරගත හැක.

 

මේ ලක්ෂ්‍ය අතර සරල රේඛා  තිබීම අවශ්‍ය නැත.
 


අවශ්‍ය වන්නේ වර්ණ, හැඩය අදී පොදු ලක්ෂණයක් මත
කිසියම් ආකාරයකින් සම්බන්ධ වන ලක්ෂ්‍ය තුනක්
සමූහගත කරගැනීමය.

 ඔබේ පැරණි ඡායාරූප දෙස බැලුවහොත්
ඔබට ඒ ඡායාරූප තුළ
ඕනෑ තරම් ත්‍රිකෝණ සොයා ගත හැක.



ඔබ ඒ ත්‍රිකෝණ ඒවායේ උපරිම ශක්‍යතාවයෙන්
උපයෝගී කරගත්තාද යන්න වෙනම කරුණකි.
================================================================

ත්‍රිකෝණ හැඩය හැඟවීම.

 

සාමාන්‍යයෙන් ත්‍රිකෝණ හැඩ
ඍජුවම ඡායාරූපයක යොදා ගන්නේ
ඉතා කලාතුරකිනි.
ඉහත දැක්වෙන රූපයේ
පැහැදිලිව දැකිය හැක්කේ එක් රේඛාවක් පමණක් වුවද
සමස්ත හැඩය ත්‍රිකෝණාකාරය.


ඔබට නිතර දකින්නට ලැබෙන්නේ ත්‍රිකෝණ හැඩ හැඟවීමකි.

 සාමාන්‍ය ඇසින් ඡායාරූපය දකින්නෙකුට
ත්‍රිකෝණ හැඩ හඳුනාගත නොහැකි වනු ඇත.





 
ඔබ සම්පිණ්ඩණය පිළිබඳව දැනගන්නා විට
ඡායාරූප විශ්ලේෂණය කොට
හැඩතල හඳුනාගන්නටත්
එම හැඩ තළ ඔබේ ඡායාරූපවල
ගුණාත්මකභාවය, රිද්මය, හැඟීම් ඇති කරවීමේ හැකියාව
වැඩි දියුණු කර ගන්නට යොදා ගත හැක.


===================================================

අභිසාරී ත්‍රිකෝණ.


සරල රෙඛා හෝ විකර්ණ රේඛා දික් කළ විට
එම රේඛා ඈතට යනවිට එක්වී
ත්‍රිකෝණ නිර්මාණය වෙයි.
1
මේ එක්වීම රාමුව තුළ හෝ ඉන් පිටත සිදු විය හැක.
කෙසේවුවද අපට ත්‍රිකෝණ හැඩයක් දැනෙයි.

2
බොහෝවිට රාමුව තුළ ඇති එක් රේඛාවක්
රාමුවේ දාර දෙකක් සමග එක්වී
ත්‍රිකෝණ නිර්මාණය වෙයි.


අස්ථාවර ත්‍රිකෝණ.


මේ සඳහා ඔබ කළ යුත්තේ
ත්‍රිකෝණය උඩු යටිකුරු කිරීම හෝ
පසෙකට ඇල කිරීමයි.




=============================================================

අවධානය යොමු කිරීමට



ඔබට රසිකයාගේ ඇස කිසියම් අරමුණක් වෙත යොමු කරන්නට සිදුවූ විට
ත්‍රිකෝණය ඊතලයක් මෙන් යොදාගත හැක..

By Pasan Senevirathne



සිත් ගන්නා සුළු පසුබිමක් ලෙස. 


 

දෘෂ්‍ය කලාවේදී ත්‍රිකෝණ භාවිතා වෙන ආකාරය
මෙතෙකැයි කියා නිම කළ නොහැක.

මෙහි අරමුණ වූයේ ඔබේ අවධානය
ඒ පිළිබඳව යොමු කිරීම පමණකි.
ප්‍රායෝගිකව හැදෑරීමෙන්
ඔබට මේ දැනුම හා දැක්ම
පුළුල් කරගත හැක.

================================================================

තවත් උදාහරණ. 




 




 




 


 



































 









No comments:

Post a Comment